Posts

Simple Circuit

>>  Blinking light circuit අවශ්‍ය උපාංග LED    x 2 C828    x 2 10KΩ    x 2 100µF    x 2 100KΩ v/r (104)    x 1 3V Battery / 3V powersuply ගොඩදෙනෙක් මේ පරිපථය දන්නවත් ඇති . එත් මේ පරිපථයට මම විචල්‍ය ප්‍රතිරෝදකයක් (VR) එකතුකරල පොඩි වෙනසක් කරලතියනව. පරිපථයට 3V විදුලියක් සැපයූවිට මෙහි ඇති led 2 මාරුවෙන් මාරුවට දැල්වෙනවා. අපි අලුතෙන් එකතුකරපු vr එක කරකවනවිට led 2 දැල්වෙන වේගය වෙනස්වෙනව බලාගන්නත් පුළුවන්. මේ පරිපථය ඔයාලට ව්‍යාපෘති පුවරුවක (Project board), Dot board හරි Vero board එකක වුනත් පහසුවෙන් එකලස් කරගන්න පුළුවන්. මෙහි 100MFD (100µF) ධාරිත්‍රක 470µF ලෙස වෙනස් කරල led දැල්වෙන වේගය අඩු කරගන්නත් පුළුවන්. 100µF වෙනුවට 10µF ධාරිත්‍රක 2ක් යෙදුවිට led දැල්වෙන වේගය වැඩිවෙනවා. පරිපථය සකස් කරගන්නා ආකාරය >>  ආලෝක සංවේදී පරිපථය අවශ්‍ය උපාංග LED    x 2 C828    x 2 470Ω ...

Arduino Installation

Image
>>  Arduino Installation windows OS එක use කරන අයට Arduino Software එක download කරගන්න option 3ක් තියනව. මෙහි තිබෙන දෙවන option එක මගින් download කරගත් software එක වෙනත් පරිගණකයක වුවත් පහසුවෙන් install කරගන්න පුළුවන්. දෙවන option එක භාවිතා කරල install අරගන්න ආකාරය පහතින් දක්වා ඇත. Arduino Software එක download කරගන්න Download Arduino website එකට ආධාරයක් කර download කරගැනීමට අවශ්‍යනම් 'CONTRIBUTE & DOWNLOAD' button එක click කරන්න. එසේ නොමැතිනම් 'JUST DOWNLOAD' click කර නොමිලේම download කරගන්න. මෙම ක්‍රමයෙදි Arduino Software එක download වෙන්නෙ Zip Folder එකක් විදියට තමයි. දැන් පහත ආකාරයට download කරගත්ත File එක Right Click කලාම එන menu එකෙන් 'Extract All...' click කරන්න. දැන් open වන Window එකෙහි Extract වෙන්න ඕන තැන දීල 'Extract' button එක click කරන්න. පහත රූපසටහන බලන්න. දැන් පහත රුපයේ ආකාරයට File එක extract වෙනව බලාගන්න පුළුවන්. සම්පුර්ණයෙන් extract වෙන්නනම් ටි...

Capacitors

Image
>>  Capacitors ධාරිත්‍රක යනු විදුලිය තවකාලිකව ගබඩා කරගැනීම සදහා භාවිතා කළහැකි උපාංගයකි. ධ්‍රැවීය ධාරිත්‍රකවල අග්‍ර දෙකක් ඇති අතර මදක් දිගින් වැඩි අග්‍රය ධන (+) අග්‍රය වේ. මදක් දිගින් අඩු අග්‍රය ඝෘණ (-) අග්‍රය වේ. තවද ඝෘණ (-) අග්‍රය බොහෝවිට ධාරිත්‍රකයේ සදහන් කර ඇත. ධාරිත්‍රකයට දරාගත හැකි උපරිම වෝල්ටීයතාව ධරිත්‍රක ආවරණයෙහි සදහන් කර ඇත. ධාරිත්‍රක, පරිපථවලට එක් කිරීමේදී ධරිත්‍රකයේ උපරිම වෝල්ටීයතාව සහ ධන (+) ඝෘණ (-) පිලිබදව සැලකිළිමත් විය යුතුය. ධාරිත්‍රකවල ධාරිතාව සදහන් කර ඇත්තේ ෆැරඩ් (F) වලිනි. ෆැරඩ් 1 ක් (1F) යනු ඉතා විශාල අගයකි. 1000pF = 1nF 1000nF = 1µF (MFD) 1000µF = 1F ඝෘජුකරණ පරිපථවල වෝල්ටීයතාව සුමටනය කිරීම සදහා බහුලව භාවිතා වේ. >>  Capacitors (නිර්ධ්‍රැවීය) ඉහත සදහන්කළ ධාරිත්‍රකවල ධන (+) ඝෘණ (-) ලෙස අග්‍ර බේදයක් පවතින බව ඔබ දැනටමත් දනී. නමුත් නිර්ධ්‍රැවීය ( ධ්‍රැවීයතාවක් රහිත) ධාරිත්‍රකවල ධන (+) ඝෘණ (-) බේදයක් නොමැත. මෙම ධාරිත්‍රකවල අගය සදහන් කිරීම සදහා විශේෂ ක්‍රමයක් භාවිතා ...

Resistors

Image
>>  Resistors ප්‍රතිරෝදක වල ධන (+) ඝෘණ (-) භේදයක් නොමැත. ධාරාවක් ගමන්කිරීමට ඇතිකරන භාදාව ප්‍රතිරෝදය නම් වේ. පරිපථයක් තුලින් ගලන ධාරාව පාලනය කිරීම සදහා යොදාගනී. ප්‍රතිරෝදක වර්ග කිහිපයක් නම්,   1. කාබන් පටල ප්‍රතිරෝදක (Carbon film resistors) කුඩා ධාරාවක් සදහා   2. ලෝහ ඔක්සයිඩ පටල ප්‍රතිරෝදක (Metal oxide film resistors) කුඩා ධාරාවක් සදහා   3. කම්බි එතුම් ප්‍රතිරෝදක (Wire wound resistors) විශාල ධාරාවන් සදහා   4. විලායක ප්‍රතිරෝදක (Fusible resistors) පරිපථ ආරක්ෂාව සදහා ප්‍රතිරෝදය මැනීම සදහා ඕම් (Ω)මීටරය භාවිතා කරනු ලැබේ. නැතහොත් බහු මීටරයේ (Multi meter) ඕම් (Ω)පරාසය බාවිතා කර ප්‍රතිරෝදය මැනගත හැක. ප්‍රතිරෝදක තුලින් ධාරාව ගලායාමේදී ප්‍රතිරෝදකය උණුසුම් වී පිළිස්සීමට හැකිය. එමනිසා පරිපථය තුලින් ගලායන ධාරාවට ගැලපෙන වොට් (W) අගයකින් යුතු ප්‍රතිරෝදක භාවිතා කලයුතුය. ප්‍රතිරෝදකවල අගය සදහන් කර ඇත්තේ වර්ණ කේත ක්‍රමයක් මගිනි. ප්‍රතිරෝදක වර්ණ කේත වගුව >> පහත රුපයේ පරිදි ප්‍රතිරෝදකයේ තරමක් දුරින...

Diodes

Image
>>  Light Emitting Diode (LED) LED වල දිගින් වැඩි අග්‍රය ධන (+ , ඇනෝඩය) වන අතර , දිගින් අඩු අග්‍රය ඝෘණ (- , කැතෝඩය) වේ. LED සදහා යෙදිය යුතු උපරිම වෝල්ටීයතාව බල්බයේ වර්ණය සහ වර්ගය අනුව වෙනස් වේ. පරිපථ තුල විදුලිය ඇති බව දැනගැනීම හා විවිද ආලෝක රටා නිර්මාණය සදහා යොදාගනී. නුතනයේ ගෘහ ආලෝකකරණය සදහා යොදාගනී LED යෙදිය හැකි උපරිම වෝල්ටීයතාවන් >> * සැ.යු : මෙහි සදහන් වෝල්ටීයතාවන් එක් එක් නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක. >>  Diode මෙම ඩයෝඩයේ ඝෘණ (- , කැතෝඩය) අග්‍රය නිරුපණය කිරීම සදහා රිදී පටියක් යොදා ඇත. ඩයෝඩය පරික්ෂා කිරීමේදී දෙපසටම ධාරාව ගමන්කිරීමක් සිදුවන්නේ නම් ඩයෝඩය පිළිස්සී ඇත. ඩයෝඩ හරහා 0.7V විභව බැස්මක් ඇත. ඝෘජුකරණ පරිපථ වල භාවිතා වේ. මෙහි විශේෂත්වය වන්නේ ධාරාව එක් දිශාවකට පමණක් ගලායාමට සැලැස්වීමයි. >>  Zener Diode (ZD) සැපයුම් විභවය වැඩිවුවද ස්ථායි වෝල්ටීයතාවක් සෙනර් ඩයෝඩ මගින් ලබාගත හැකිය. සෙනර් ඩයෝඩවල සදහන් උපරිම ධාරාවට වඩා ධාරාවක් ගමන් කිරීමට සැලස...