>> Light Emitting Diode (LED) LED වල දිගින් වැඩි අග්රය ධන (+ , ඇනෝඩය) වන අතර , දිගින් අඩු අග්රය ඝෘණ (- , කැතෝඩය) වේ. LED සදහා යෙදිය යුතු උපරිම වෝල්ටීයතාව බල්බයේ වර්ණය සහ වර්ගය අනුව වෙනස් වේ. පරිපථ තුල විදුලිය ඇති බව දැනගැනීම හා විවිද ආලෝක රටා නිර්මාණය සදහා යොදාගනී. නුතනයේ ගෘහ ආලෝකකරණය සදහා යොදාගනී LED යෙදිය හැකි උපරිම වෝල්ටීයතාවන් >> * සැ.යු : මෙහි සදහන් වෝල්ටීයතාවන් එක් එක් නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක. >> Diode මෙම ඩයෝඩයේ ඝෘණ (- , කැතෝඩය) අග්රය නිරුපණය කිරීම සදහා රිදී පටියක් යොදා ඇත. ඩයෝඩය පරික්ෂා කිරීමේදී දෙපසටම ධාරාව ගමන්කිරීමක් සිදුවන්නේ නම් ඩයෝඩය පිළිස්සී ඇත. ඩයෝඩ හරහා 0.7V විභව බැස්මක් ඇත. ඝෘජුකරණ පරිපථ වල භාවිතා වේ. මෙහි විශේෂත්වය වන්නේ ධාරාව එක් දිශාවකට පමණක් ගලායාමට සැලැස්වීමයි. >> Zener Diode (ZD) සැපයුම් විභවය වැඩිවුවද ස්ථායි වෝල්ටීයතාවක් සෙනර් ඩයෝඩ මගින් ලබාගත හැකිය. සෙනර් ඩයෝඩවල සදහන් උපරිම ධාරාවට වඩා ධාරාවක් ගමන් කිරීමට සැලස...
Comments
Post a Comment