Diodes
>> Light Emitting Diode (LED)
- LED වල දිගින් වැඩි අග්‍රය ධන (+ , ඇනෝඩය) වන අතර , දිගින් අඩු අග්‍රය ඝෘණ (- , කැතෝඩය) වේ.
- LED සදහා යෙදිය යුතු උපරිම වෝල්ටීයතාව බල්බයේ වර්ණය සහ වර්ගය අනුව වෙනස් වේ.
- පරිපථ තුල විදුලිය ඇති බව දැනගැනීම හා විවිද ආලෝක රටා නිර්මාණය සදහා යොදාගනී.
- නුතනයේ ගෘහ ආලෝකකරණය සදහා යොදාගනී
* සැ.යු : මෙහි සදහන් වෝල්ටීයතාවන් එක් එක් නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක.
>> Diode
>> Zener Diode (ZD)
- සැපයුම් විභවය වැඩිවුවද ස්ථායි වෝල්ටීයතාවක් සෙනර් ඩයෝඩ මගින් ලබාගත හැකිය.
- සෙනර් ඩයෝඩවල සදහන් උපරිම ධාරාවට වඩා ධාරාවක් ගමන් කිරීමට සැලස්වීමේදී ඩයෝඩය පිළිස්සී යා හැකිය. එම නිසා ඩයෝඩයට ශ්‍රේණිගතව ගැලපෙන අගයකින් යුතු ප්‍රතිරෝදකයක් යෙදිය යුතුය.
- බොහෝ අවස්ථාවල සෙනර් ඩයෝඩවල ඝෘණ (- , කැතෝඩය) අග්‍රය නිරුපණය කිරීම සදහා කළු පැහැති පටියක් යොදා ඇත.
- ස්ථායි වෝල්ටීයතාවක් අවශ්‍ය පරිපථවල භාවිතා කරයි.
Iz=Pmax/VzIz = සෙනර් ඩයෝඩය තුලින් ගැලිය හැකි උපරිම ධාරාව (A)
Pmax = සෙනර් ඩයෝඩයේ උපරිම ජව උත්සර්ජනය(W)
Vz = සෙනර් ඩයෝඩයේ සදහන් වෝල්ටීයතාව (V)
R=Vr/IzR = යෙදියයුතු ප්‍රතිරෝදකයේ අගය (ohm)
Vr = ප්‍රතිරෝදකයේ දෙපස වෝල්ටීයතාව (V)
Iz = සෙනර් ඩයෝඩය තුලින් ගැලිය හැකි උපරිම ධාරාව (A) උදාහරණ >>
Iz=Pmax/Vz Iz=1W/3.3V Iz=0.30A
ප්‍රතිරෝදකයේ දෙපස වෝල්ටීයතාව = Vs-Vz
= 6V-3.3V
= 2.7V
= 6V-3.3V
= 2.7V
R=Vr/Iz R=2.7V/0.30A R=9ohm
Comments
Post a Comment