Resistors

>>  Resistors
  • ප්‍රතිරෝදක වල ධන (+) ඝෘණ (-) භේදයක් නොමැත.

  • ධාරාවක් ගමන්කිරීමට ඇතිකරන භාදාව ප්‍රතිරෝදය නම් වේ. පරිපථයක් තුලින් ගලන ධාරාව පාලනය කිරීම සදහා යොදාගනී.

  • ප්‍රතිරෝදක වර්ග කිහිපයක් නම්,
  •   1. කාබන් පටල ප්‍රතිරෝදක (Carbon film resistors) කුඩා ධාරාවක් සදහා
      2. ලෝහ ඔක්සයිඩ පටල ප්‍රතිරෝදක (Metal oxide film resistors) කුඩා ධාරාවක් සදහා
      3. කම්බි එතුම් ප්‍රතිරෝදක (Wire wound resistors) විශාල ධාරාවන් සදහා
      4. විලායක ප්‍රතිරෝදක (Fusible resistors) පරිපථ ආරක්ෂාව සදහා


  • ප්‍රතිරෝදය මැනීම සදහා ඕම් (Ω)මීටරය භාවිතා කරනු ලැබේ. නැතහොත් බහු මීටරයේ (Multi meter) ඕම් (Ω)පරාසය බාවිතා කර ප්‍රතිරෝදය මැනගත හැක.

  • ප්‍රතිරෝදක තුලින් ධාරාව ගලායාමේදී ප්‍රතිරෝදකය උණුසුම් වී පිළිස්සීමට හැකිය. එමනිසා පරිපථය තුලින් ගලායන ධාරාවට ගැලපෙන වොට් (W) අගයකින් යුතු ප්‍රතිරෝදක භාවිතා කලයුතුය.

  • ප්‍රතිරෝදකවල අගය සදහන් කර ඇත්තේ වර්ණ කේත ක්‍රමයක් මගිනි.


  • ප්‍රතිරෝදක වර්ණ කේත වගුව >>


  • පහත රුපයේ පරිදි ප්‍රතිරෝදකයේ තරමක් දුරින් පිහිටි වර්ණ පටිය ( ප්‍රතිශතය අගය නිරුපණය කරන වර්ණ තීරුව) දකුණු අත දෙසට පිහිටන පරිදි තබාගන්න.
  • එවිට වම්පස සිට ඇති පළමු වර්ණ තීරුව සදහා අදාල අංකය වගුවන් සොයා ලියන්න.
  • දෙවන වර්ණ තීරුවට අදාල අංකය පළමුව ලියූ අංකයට දකුණුපසින් ලියන්න.
  • තුන්වන වර්ණ තීරුවට අදාලව ගුණකලයුතු අගයෙන් කලින් ලැබුන සංඛයාව ගුණ කර ලියන්න.දැන් ඔබට පිළිතුර ලබී ඇත්තේ ඕම් (Ω) වලිනි.
  • ඔබට ලැබුණු අගය ඕම් 1000Ω ට වැඩිනම් එය 1000 න් බෙදන්න, එවිට ලැබෙනුයේ කිලෝ ඕම් (KΩ)වලිනි
  • දැන් ඔබට ලැබුන අගය කිලෝ ඕම් 1000KΩ ට වැඩිනම් එය 1000 න් බෙදන්න, එවිට අගය මෙගා ඕම් (MΩ)වලින් ලැබේ.
  • මේ අනුව,

    • 1000Ω    = 1KΩ
    • 1000KΩ = 1MΩ

උදාහරණ >>



>>  Variable Resistors (VR)
  • ප්‍රතිරෝදය වෙනස් කළහැකි ප්‍රතිරෝදක ව්චල්‍ය ප්‍රතිරෝදක ලෙස හැදින්වේ. එක් එක් අවශ්‍යතාවයට ගැලපෙන ලෙස විවිධ ආකාර වලින් නිපදවා ඇත.

  • වර්ධක පරිපථවල (AMP) ඇති ශබ්ද පාලක (volume controller) ,තාරතා පාලක (tone controller) සදහා භාවිතා වේ.

  • විචල්‍ය ප්‍රතිරෝදක වර්ග දෙකක් ඇත.
    • රේඛීය විචල්‍ය ප්‍රතිරෝදක (Linear VR)
    • ලඝු ව්චල්‍ය ප්‍රතිරෝදක (Logarithmic VR)

  • රේඛීය විචල්‍ය ප්‍රතිරෝදකවල අගය වෙනස්වීම ඒකාකාරව සිදුවේ. B හෝ Lin ලෙස සදහන් කර ඇත.
>>  Light Depenent Resistors (LDR)
  • ආලෝකය අනුව ප්‍රතිරෝදය වෙනස්වන ප්‍රතිරෝදක ආලෝක සංවේදී ප්‍රතිරෝදක (LDR) ලෙස හදුන්වයි.

  • අදුරු අවස්ථාවේදී LDR හි ප්‍රතිරෝදය උපරිම වේ. ආලෝකය ඇතිවිට ප්‍රතිරෝදය අඩුවේ.

  • ආලෝක සංවේදී පරිපථවල භාවිතා වේ. අදුර වැටීගෙන එනවිට ස්වයන්ක්‍රියව බල්බ දැල්වීම LDR මගින් සිදුකල හැකිය.
>>   Thermistor
  • උෂ්ණත්වය අනුව ප්‍රතිරෝදය වෙනස්වන ප්‍රතිරෝදක තර්මිස්ටර් (Thermistor) ලෙස හැදින්වේ.

  • තමිස්ටර් ප්‍රධාන වර්ග දෙකක් ඇත.
    • ඝෘණ උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝදක NTC (උෂ්ණත්වය ඉහළයාමේදී ප්‍රතිරෝදය අඩුවේ)
    • ධන උෂ්ණත්ව සංවේදී ප්‍රතිරෝදක PTC (උෂ්ණත්වය ඉහළයාමේදී ප්‍රතිරෝදය වැඩිවේ)

  • විද්‍යුත් උපකරණවල ස්වයංක්‍රියව උෂ්ණත්වය පාලනය කිරීම සදහා යොදාගනී.

Comments

Post a Comment

Popular posts from this blog

Diodes

Capacitors