Arduino Installation

>>  Arduino Installation
  • windows OS එක use කරන අයට Arduino Software එක download කරගන්න option 3ක් තියනව.

  • මෙහි තිබෙන දෙවන option එක මගින් download කරගත් software එක වෙනත් පරිගණකයක වුවත් පහසුවෙන් install කරගන්න පුළුවන්.

  • දෙවන option එක භාවිතා කරල install අරගන්න ආකාරය පහතින් දක්වා ඇත.

  • Arduino Software එක download කරගන්න Download
  • Arduino website එකට ආධාරයක් කර download කරගැනීමට අවශ්‍යනම් 'CONTRIBUTE & DOWNLOAD' button එක click කරන්න. එසේ නොමැතිනම් 'JUST DOWNLOAD' click කර නොමිලේම download කරගන්න.
  • මෙම ක්‍රමයෙදි Arduino Software එක download වෙන්නෙ Zip Folder එකක් විදියට තමයි. දැන් පහත ආකාරයට download කරගත්ත File එක Right Click කලාම එන menu එකෙන් 'Extract All...' click කරන්න.
  • දැන් open වන Window එකෙහි Extract වෙන්න ඕන තැන දීල 'Extract' button එක click කරන්න. පහත රූපසටහන බලන්න.
  • දැන් පහත රුපයේ ආකාරයට File එක extract වෙනව බලාගන්න පුළුවන්. සම්පුර්ණයෙන් extract වෙන්නනම් ටික වෙලාවක් ගතවේවි.
  • සම්පුර්ණයෙන් extract වුනාම පහත රුපයේ ආකාරයට folder එකක් දැකගන්න පුළුවන්.
  • දැන් ඒ folder කරල open කරන්න. එහි ඇති 'drivers' folder එක open කරන්න
  • එහි ඇති Applycation file දෙක install කරගන්න. පහත රුපය බලන්න.
  • දැන් කලින් folder එකට ගිහින් එහි ඇති Arduino Applycation එකේ shortcut එකක් නිර්මාණය කරගන්න.
  • දැන් ඒ shortcut එක Desktop එකට Move කරන්න.
  • දැන් අපි Arduino Software එක Install කරගෙන ඉවරයි. දැන් Desktop එකේ තියන Arduino icon එක උඩ double click කරල software එක open කරගන්න.






Next

Comments

Popular posts from this blog

Diodes

Resistors

Capacitors